Saturday, October 17, 2020

Mulan (2020) Sinhala Subtitle
MOVIE




මුළාන් 

මම මේ සබ එක දාන මොහෙතේ ..අනේ IMDB rating එක 4.4 ..හිතා ගන්න බැහැ ඇයි මේක මේ තරම් අඩු අගයක් ගත්තේ කියලා ..මොකද කිව්වොත් කතාවේ CGI ..ඉතා විශිෂ්ට විදියට තිබ්බා ..

 

කවුද මේ මුලාන් කියන්නේ ? 

Hua Mulan , Fa Mulan වාගේ නම් වාගේම වෙනත් නම් වලිනුත් මෙයාව හදුන්වනවා .මුලාන් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි කියලා කට්ටියක් කියනවා ..සමහර අය කියනවා ඇත්ත චරිතයක් කියලා

(Mulan as depicted in the album Gathering Gems of Beauty )

හැම මුලාන් කතාවකම කතාව එකයි කියලා මට හිතෙනවා ..කතාව ඉතාමත් සරලයි චීන ආධිරජය රූ රන් කියලා

කිසි මනුස්ස කමක් නැති මිනිස්සෙක් ගේ තර්ජනයට ලක් වෙනවා ..මේකට මෙයාට(රූ රන් ට) උදව් කරන්නවා

මායාකාරියක් ..(ඇත්තටම මම එයාට මායා කාරියක් කියන්න කැමති නැහැ ..එයා එයාට රණ ශූරියක් කියනවා ට ගොඩාක් කැමති ..එතින් මාත් එහෙම ඇය ව හදුන්වන්නම් ) ඇයගේ උදව් වෙන් චීන අධිරාජයාගේ හමුදාව ටික ටික අඩපන කරනවා ..

මේක බලාගෙන ඉන්න බැරිතැන චීන අධිරාජයා මේ ඝාතකයා නවත්වන්න සෑම පවුලකින්ම පිරිමි කෙනෙක් ඕන හමුදාවට බදවා ගන්න කියනවා ..

එතින් මුලාන් පවුලේ ඉන්නේ ඉන්නේ එයයි එයාගේ අම්මයි නංගියි ..යුද්දයක දී තුවාල වුන තාත්තා යි විතරයි ..එතින් යුද්දට යන්න කෙනෙක් නැහැ ..එතින් යුද්දයට යන්න වෙන්නේ තාත්තාට ..එත් මුලාන් ට මේක බලන් ඉන්න බැරිව යුද්දයට යනවා ..කාටත් හොරෙන්ම ……………ඉතිරිය එහෙනම් ඔයාලාම බලන්නකෝ


සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න 


Downloads චිත්‍රපටිය මෙතනින් බාගන්න


Wednesday, June 10, 2020



Bigil (2019) උපසිරස් හා video 


                             
           
                 මේ චිත්‍රපටය ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ වෙනකොටත් හැමෝම වගේ බලලා ඇති. නොබලපු අය ඉන්නවනම් අරගෙන බලන්න. තලපති විජේ කියන්නේ කවුද කියලා දමිල චිත්‍රපට බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා. ඉතින් මේ අවුරුද්දේ දීපවාලි උත්සවය යෙදිලා තිබුණ ඔක්තෝබර් මාසේ 25වෙනිදා දමිල සිනමාවට විශේෂ දවසක් වුණා – බිගිල් – චිත්‍රපටය තිරගත වීමත් සමග. විජේගේ Mersal චිත්‍රපටයෙන් පස්සේ Atlee Kumar අධ්‍යක්ෂණයෙන් දායක වුණ චිත්‍රපටය තමයි බිගිල්. Action, Drama, Sport කියන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.2ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. පැය 2යි මිනි.57ක ධාවන කාලයක් තිබෙන මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවන්ට පවා හිමිකම් කියලා තිබෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය Kalpathi S. Aghoram, Kalpathi S. Ganesh, Kalpathi S. Suresh යන නිෂ්පාදකවරුන් විසින් සිදුකර තිබෙනවා. ඒවගේම සංගීතයෙන් චිත්‍රපටය හැඩ කරන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන A. R. Rahman. රංගනය පැත්තෙනුත් විශාල නළු නිළි පිරිසක් දායක වෙනවා.
                   
                 ඉතින් චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන්ම කියනවනම්, පාපන්දු ක්‍රීඩාව පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටය, කාන්තාවන් පිළිබඳව ලොකු පණිවිඩයක් සමාජයට දෙන්න උත්සාහ කරලා තියෙනවා. එහෙනම් ඉතින් නොබලපු අය ඉන්නවනම් චිත්‍රපටය නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා.
                                               

            Trailer                සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Downloads චිත්‍රපටිය මෙතනින් බාගන්න video


Monday, November 18, 2019

gemini man 2019 Sinhala Subtitle | තමාගේම ක්ලෝනය සමග සටන

 gemini man 2019 Sinhala Subtitle


                    මේ තමයි විල් ස්මිත් රංගන ශිල්පියාගෙ නවතම චිත්‍රපටය වන Gemini Man (2019) චිත්‍රපටය. ක්‍රියාදාම, නාට්‍යමය, විද්‍යා-ප්‍රබන්ධ යන ත්‍රිත්ව වර්ගයට අයත් මෙය ලබා ඇති IMDB අගය 5.7ක්. Rotten Tomatoes අගය 26%ක්. මෙය චීන ග්‍රහණයට නතුවූ හොලිවුඩයේ තවත් එක් අසාර්ථක , කතාවේ හිදැස් සහිත,නිර්මාණයක් විදියටයි මමනම් දකින්නෙ. ඒ නිසා මම හිතන්නෙ වඩාත් සාධාරණ Rotten Tomatoes වෙතින් ලැබී ඇති අගයයි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ තායිවාන ජාතික අධ්‍යක්ෂ ඇන්ග් ලී විසින්. රංගනයෙන් දායක වෙන්නෙ විල් ස්මිත් ( හෙන්රි බ්‍රෝගන්), මේරි එලිසබෙත් වින්ස්ටඩ් ( ඩැනී සැකරෝව්ස්කි), ක්ලයිව් ඕවන් ( ක්ලේ වෙරිස්), බෙනඩික්ට් වොන් ( බැරන්), ඩග්ලස් හොජ් ( ජැක් විලිස්), රැල්ෆ් බ්‍රවුන් ( ඩෙල් පැටර්සන්), ලින්ඩා එමන්ඩ් ( ජැනට් ලැසිටර්), ඊ. ජේ බොනිලා ( මැරීනෝ) ඇතුළු පිරිසක්. දැන් මම චිත්‍රපටයේ කතාවට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම්.
හෙන්රි බ්‍රෝගන්, DIA නොහොත් ආරක්ෂක බුද්ධි කාර්යාංශයට අනුබද්ධව සේවය කරන ඝාතකයෙක්. මැදිවියට පැමිණ තිබීමද රැකියාවෙන් හෙම්බත්වී සිටීමද නිසා ඔහු තීරණය කරනවා විශ්‍රාම ගන්නට. ඊට පෙර ඔහුට ලැබෙනව දුම්රියක ගමන්ගන්නා තැනැත්තෙක්ව ඝාතනය කිරීමේ නියෝගයක්. එහෙත් ඔහු නොසිතූ ලෙස ඒ හරහා ඇතිවන සිදුවීම් දාමයක් නිසා ඔහුට සිදුවෙනවා තමන් තරම්ම දක්ෂ අභිරහස් ඝාතකයකුගෙන් දිවි ගලවාගන්නට… එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.  

                                                               Downloads චිත්‍රපටිය මෙතනින් බාගන්න

angel has fallen 2019 සිංහල උපසිරස් ද්‍රෝහියෝ

Angel Has Fallen (2019) Sinhala Subtitles|හොදම යාලුවෙක් නිසා ද්‍රෝහියෝ



             ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අරගෙන ආව සුපිරිගනයේ ක්‍රියාදාම ෆිල්ම් එකක් .නමින්ම මොනාහරි දෙයක් මතක් වෙන්න ඇති කියලා හිතනවා ,හරි එහෙනම මතක් උනේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ අපි හිමිට කතාව මතක්කර ගම්මු. මේක ඇත්තම මේ ෆිල්ම් සිරියස් එකේ තුන්වෙනි කතාව මිට කලින් මේ වගේම ෆිල්ම් දෙකක් ඇවිල්ලා තියෙනවා.
Olympus Has Fallen
London Has Fallen
Angel Has Fallen
ඔන්න ඔය විදිහ තමයි පිළිවෙල කලින් ෆිල්ම් දෙකත් පට්ටම ෆිල්ම් දෙකක්.මේ ෆිල්ම් තුනම පදනම් වෙලා තියෙන්නේ එකම දෙකට එක තමයි මේ රටේ ජනාධිපතිව බේරාගන්න එක ගැන. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ  මයික් බැනින් ( Gerard Butler)  කියන කෙනා තමයි.ඉතින් මේ ෆිල්ම් එක මිලියන 104 ක අදායමක් උපයලා තියෙනවා දැනට .මේ අදායමක් නම් වෙනස් වෙන්න පුළුවන් මොකද මේක තාම නිකුත්වුනා විතරයි. 2019 අගෝස්තු 23 වන දින එක්සත් ජනපදයේ දී තමයි මේක නිල වශයෙන් නිකුත්වුනේ.
Ric Roman Waugh තමයි  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.imdb අගය 6.7 ක් කරා ලගාවෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ ෆිල්ම් එකට කම්මැලි කමක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.බොක්ස් ඔෆිස් වාර්තාව ගැන බලනවානම් 2019 සැප්තැම්බර් 15 වෙනකොට එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 60.4 ක් ද, වෙනත්ප්‍ දේශවල ඩොලර් මිලියන 44 ක් ද ලබා ගෙන ඇති අතර එය ලොව පුරා ඩොලර් මිලියන 104.4  මුදලක් උපයාගෙන තියෙනවා
කතාව ගැන පොඩියට කියන්නම්.
මන් කලින් කිවුවා වගේ මයික් බැනින් කියන්නේ රහස් නියෝජිතයෙක් ඔහු ජනාධිපති ආරක්ෂාව තමයි කරන්නේ.ඉතින් මෙයාගේ හොදම යාළුවා පෞද්ගලික හමුදා ස්ථානයක පුහුණු කෙනෙක් වගේම . ඔහු හිටපු යුද හමුදා රේන්ජර්වරයෙක්. දවසක් තමාගේ යාලුවා එක්ක පුරුදු වීම කරන කොට මෙයට මයික්ට පොඩ් උණ්ඩයකින් වෙඩි තියෙනවා ,ඉතින් එතකොට මයික් ගේ මෙහෙයුම අසාර්ථකයි එත් තමන්ගේ හොදම යාලුවා වෙනම ගේමක් මෙතන ගන්නේ.කොහොමත් තමන්ගේ යාළුවාව විස්වාසයි නේ බය වෙන්න දෙයක් නැහැ නේ.ඉතින් මෙහෙ කතාව යනකොට ජනාධිපතිතුමාව මරන්න ඩොන් යානා වගයක් එනවා .ඉතින්  කොහොමහරි ජනාධිපති නම් බේරෙනවා එත් කොමා තත්වයට වැටිලා ඉන්නේ,එත් මෙතන මයික් ඇරන්න අනිත් ඔක්කොම අය මැරෙනවා එත් මයික්ටත් තුවාල වෙනවා සිහියන එනකොට ඉන්නේ ඉස්පිරිතාලේ ,අතට මන්චුත් දාලා .ඇයි මේ ප්පහර දුන්නු තැනින් මයික් ගේ DNA  හම්බෙනවා ,මයික්ටත් නිකුත් මේ ඔක්කොම අන්ඩර දෙමළ වගේ .ඉතින් එතනින් එහාට කතාව නොකියා ඉන

Saturday, December 31, 2016

Sarrainodu (2016) සිංහල උපසිරැසි සමඟින්



ෆිල්ම් එක අල්ලු අර්ජුන්ගේ කිවම ඉතින් ආපහු විස්තර කරන්න ඕනේ වෙන එකක් නෑ, මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Boyapati Srinu ව්සින් ඔහු තමයි Dhammu 2012, Legend 2014 චිත්‍රපට අධ්‍යක්ශණය කරලා තියෙන්නේ. මෙහි රංගනය වෙනුවෙන් දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඔහුගේ අපි උපසිරැසි ලබා දුන්න චිත්‍රපට අතරට Son of satyamurthy (2015)Race gurramIddarammayilatho වගේ චිත්‍රපට රැසක් එකතු කරන්න පුලුවන්. මෙහි සෙසු නළු නිළියන් විදියට, ආදි, රාකුල් ප්‍රිථ් සිං, කැත්‍රින් තෙරේසා, ස්‍රීකාන්ත් වගේ ජනප්‍රිය නළු නිළි රැසක් රංඟනයෙන් දායක වෙලා තියෙනවා, අප්‍රේල් 22 තිරගතවීම ආරම්භ කරපු මෙය ඉන්දීය රුපියක් කෝටි 50ක බරපැනකින් නිශ්පාදනය කරලා කෝටි 127ක ආදායමක් උපයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා තබන්න සමත් වෙලා තියෙනවා, ඒවගේම විශේෂත්වයක් තියෙනවා ඒ තමයි තෙලුඟු සිනමාවේ එදා මෙදාතුර වැඩිම පිරිවැයකින් නිර්මාණය කරපු ගීතය ඇතුලත් වෙන්නෙත් මේ චිත්‍රපටයේ වීම. 





Thursday, December 29, 2016

Kaashmora (2016)[HDRip - x264 - 700MB - Tamil]






Downloads චිත්‍රපටිය මෙතනින් බාගන්න

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා.




                             උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, කාලයාගේ අවෑමෙන් එක් සොහොයුරෙකු තම උදාරතර පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලනඥය තෝරාගත් මුත්, අනෙක් සොහොයුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළටම අධ්‍යාපනය හදාරා මහාචාර්‍යයවරයෙකු බවට පත්වේ.
පියාගේ අඩිපාරේම යමින්, පියා නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයෙන්ම තරඟ කරන්නාවූ කොඩි, මනුෂ්‍යත්වය වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන්නාවූ චරිතයක් බවට පත්වන්නෙ නිතැතින්මය.අල්ලස,පගාව, දූෂණය, අසාධාරණය පිරී ඉතිරී යමින්, මෝහාන්ධකාරයෙන් මුලා වෙමින් ඝනාන්ධකාරයේ ගිලෙමින් පවතින්නාවූ සමාජයක, මිනිසත්කම ඉස්මතු කරමින්, සමාජයට ආලෝකයක් එක් කරලීමට දරදිය ඇදි මේ නව යොවුන් දේශපාලනඥයා, තම ප්‍රාණ සම වැනිවූ පෙම්වතිය අතින් මරණයට පත්වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.
කුමන හේතුවක් අරඹයා, සිය පෙම්වතියගේ දෑතින් මෙම තරුණ දේශපාලනඥයා මරණයට පත්වුවේද…අසාධාරණය හමුවේ තැලී පොඩි වෙමින්, භීතියෙන් ජීවත්වූ සාමාන්‍යය ජනතාව හට සරණක් වූ මෙම තරුණ දේශපාලනඥයාගේ මරණයත් සමගින් ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයකට විසඳේවිද….මෙම සියළු දෑ සඳහා, පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ රසවත් සිනමා සිත්තමක් තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හට පිළිතුරු ලබාදේවි.
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට,Action, Drama, Thriller යන කාණ්ඩ යටතේ තිරගත වෙමින්, Imdb දර්ශකයේ 7.1 ක අගයකින් සැදුම් ලත්, දකුණු ඉන්දීය නළු Dhanush සමගින් සුරූපී නිළි  Trisha Krishnanරංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම සිත්තම, මේ වනවිට ඉන්දියානු රුපියල් මිලියන 500ක ඇස්තමේන්තුගත අදායමක් සන්නද්ධව පවතිනවා.

Downloads චිත්‍රපටිය මෙතනින් බාගන්න